යුද හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලසුමක්
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර තිබේ.
විනිසුරුවරයා කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග, අවවාද, මාර්ගෝපදේශ අධිකරණය විසින් නිකුත් කර තිබූ බවය.
එහෙත් ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලක් දක්වා නොමැති අතර කිසිදු වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති බව විනිසුරු තුරෙයි රාජා මහතා පෙන්වා දී තිබේ.
2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයකදී පොලීසිය විසින් තමන්ට පහර දී අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම අදහස් පළ කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.