ඉකුත් 15දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ඒ අනුව ඊයේ (19) සිට නවතා ඇත.
මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැනින්, ඊට එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි. ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ද ඉදිරිපත් කර තිබුණි.
මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව නවතා දැමීමට පියවර ගෙන තිබේ .