මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගතහොත් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ, දිගින් දිගටම මෙලෙස සිදුවුවහොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂ ගීතයක් බවට පත්වනු ඇති බවයි.
'' දේශපාලනඥයින් දිහා බලනවා. ඒ අය නැතිනම් මැතිවරණයක් නෑ.. ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා. ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා .
දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා. දේශපාලන දර්ශනයක් නැති නිසා මෙවැනි ගැටලු එනවා.
රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න අපි එපා කියන්නෙ නෑ. පාර හදලා විවෘත කරන එක ගැටලුවක් නොවේ. නමුත් එම අවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ. දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.