ලෙදර් ජැකට්ටුවක් සහ අත්වැසුම් වලින් සැරසී සිටි මිෂන්: ඉම්පොසිබල් තරුව උද්වේගකර ඉදිරිපත් කිරීම සිදුකළේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් මධ්‍යයේ ය.
2028 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන ලොස් ඇන්ජලීස් නුවරට ධජය පැවරීම සනිටුහන් කිරීම සඳහා, කෲස් පැරිසිය හරහා එක්සත් ජනපදයට ගමන් කරන ආකාරය දැක්වෙන පූර්ව පටිගත කිරීමක් එහිදී ප්‍රදර්ශනය කෙරුණි.
පළමුවෙන් ඔහු ධජය රැගෙන මෝටර් බයිසිකලයක නැඟී පැරිසියේ වීදි දිගේ ගමන් කර, ගුවන් යානයක නැඟී ඇමරිකා එක්සත් ජනපද වෙත ගොස් ඉහල අහසේ සිට බිමට පනින ආකාරයත්, ඉන්පසු ධජය එක්සත් ජනපද බයිසිකල් ධාවන ශුරියක අතට ලබාදෙන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ.
එහිදී ඔහු ජනප්‍රිය හොලිවුඩ් සලකුණ වෙත ගොස් ඔලිම්පික් වර්ණ දක්වමින් 2028 ලොස් ඇන්ජලිස් නුවර වෙත මීළඟ ඔලිම්පික් උළෙල එන බවට පණිවිඩය ලොවට ගෙනයයි.

