ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය X සමාජ මාධ්‍ය ගිණුමේ නිල නිවේදනයක් සටහන් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගත උදෙසා සියලු ශ්‍රී ලාංකිකයින්ට තමන් සමඟ එක්වෙන ලෙසට ආරාධනා කරන බවයි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කොළඹදී අද (25) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, "2024 ජනාධිපතිවරණය යනු අප සැමගේ අනාගත ඉරණම තීන්දු කරන හැරවුම් ලක්ෂය වනු ඇත. ඔබගේ ඡන්දය මාතෘ භූමියේ පැවැත්ම හෝ වැනසීම තීරණය කරනු ලබන සාධකය වනු ඇත. ඔබේ ඉරණම විසඳීමට ඇති අයිතිය දේශපාලකයින්ට භාරදී ඔබ බලාසිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදාවී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරෙකුටත් නොව ඔබටමය. මා මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යයේත් ශ්‍රී ලංකා ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය," යනුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.