ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට මෙරට සිසුන් 50 කට අධික පිරිසක් බංග්ලාදේශයේ විශ්විද්‍යාල තුනක ඉගෙනුම ලබන බවයි.
එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අදාළ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් නිකුත් කර අවසන්.
මීට අමතරව ඔවුන් ඉගෙනුම ලබන විශ්වද්‍යාලවලට ද දැනුම් දී ඇත්තේ සිසුන්ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසයි.
ගැටුම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාවට මෙතෙක් බලපෑමක් වී නොමැති බවද, විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේ ය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ යම් සිසුවෙකුට ශ්‍රී ලංකාවට පැමිණිමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් පවතින බව ද විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.