රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසී ය.
ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවත් ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් කර ඇති අතර එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවත් ය.
එසේ ම ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන් ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතු ව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද කී ය.
ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.
ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.
වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.