ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩිත ජනතාවට සුබ ආරංචියක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ දී ලබාදුන් ඖෂධයක් මගින් ළමුන් 11 දෙනෙකුට සංකුලතා ඇති කිරීමේ සිදුවීමට අදාළ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේ අද (15) දින මධ්‍යහ්න 12 වන විට එම දරුවන් සියලු දෙනාම ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල,
“මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය මගින් 2024.07.13 දින පුද්ගලයන් 239 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා දී ඇත. ඒ අතරින් වයස අවුරුදු 6 - 11 අතර දරුවන් 11 දෙනෙකුට සංකූලතා ඇතිවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද අතර, අද (2024.07.15) දින මධ්‍යහ්න 12.00 වන විට එම දරුවන් සියලු දෙනාම ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.
මෙම දරුවන් සඳහා ලබාදී ඇති ඖෂධ, මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ (ගිලින පෙති) වන අතර, එම ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වේ. මෙම ඖෂධය අයත් කාණ්ඩයේ පෙති 1,470,000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බෙදා හැර ඇති අතර, මේ දක්වා වෙනත් කිසිදු රෝහලකින් මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්තා වී නොමැත.
එම ඖෂධ හේතුවෙන් සංකූලතා ඇති වූයේ ද යන්න තහවුරු කරගනු පිණිස, ලබා දී තිබූ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇත.
තවද ඉහත සංකූලතා සහ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ලබාදෙන එන්නත් අතර කිසිදු සබඳතාවක් නොමැත.”
මෙම සම්බන්ධව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.