පහේ ශිෂ්‍යත්වය අහෝසි ද?
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ලොව විශාලතම අපනයනකරු වන චීනයේ ආනයන සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 104%ක තීරු බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට නව තීරු බදු පැනවූ අතර චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදුවලට එරෙහි පියවරක් ලෙස චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.