CLOSE

ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව ‍පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.

මෙම පිරිස අල්ලා ගැනීමත් සමඟ වන ජීවී නිලධාරින් සහ පොලිසිය අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගැනිණ, පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරුන් දෙදෙනා සිවිල් පුද්ගලයා ඔවුන් පැමිණි යතුරුපැදිය සහ වෙඩි තබා ඝාතනය කරන ලද මුව දෙනගේ සිරුර මකුළුගස්වැව පොලිසිය රැගෙන යන්නට වූයේ වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධය මධ්‍ය වීම විශේෂත්වයෙකි.

524322052-1162794222537261-366096247288144835-n.jpg

ගල්කිරියාගම මකුළුගස්වැව ගස් වැව පොලිස් බල ප්‍රදේශයේ හීනුග්ගල රක්ෂිතයේ මෙදින අලුයම තුනයි හතළිස් පහට පමණ යම්කිසි වාහනයකින් පැමිණි අයෙකු වෙඩි තබන සද්දයක් ඇසී එහි අසල්වැසි තරුණයෙකු එකවරම ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

පසුව ඔවුන් අනෙක් තරුණයන්ටද කතා කොට විදුලි පන්දම් දැල්වීමේ දී එකවරම වාහනය පිටව ගොස් ඇතැයි ඔවුහු පවසනවා.

කෙසේ වෙතත් නැවතත් අලුයම හතරයි තිහට පමණ යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ කැලයේ සැඟව සිටියදී ප්‍රදේශයේ තරුණයන් පිරිස ඔවුන්ව අල්ලාගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මුවදෙනා වෙඩි තබා ඝාතනය කොට එම මළ සිරුර රැගෙන යෑම සඳහා පැමිණි බවයි.

පසුව ඔවුන් තිදෙනා ගස් බැඳ ගල්කිරියාගම වනජීවී කාර්යාලයට සහ මකුළුගස්වැව පොලිසියට දන්වා තිබෙනවා.

පළමුවෙන් එම ස්ථානයට පැමිණ ඇත්තේ මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසකි ඊට විනාඩි කිහිපයකට පසුව වහාම ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇත.

der1.jpg

වන ජීවී නිලධාරීන් එහි සිටි පොලිස් නිලධාරීන්ට කියා සිටියේ මෙය වනජීවී පනත උල්ලංඝනය කිරීමක් නිසාවෙන් මෙන්ම සැකකරුවන් පොලිස් නිලධාරීන් නිසාවෙන් වහාම තමන් වෙත සැකරුවන් භාරදෙන ලෙසය මකුළුගස් වැව පොලිසියේ නිලධාරීන් ඊට දැඩි අකමැත්ත ප්‍රකාශ කළේ තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙම සිද්ධිය භාර නොදෙන ලෙස පවසමින් වන බවද සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව නියාමක සඳුන් හේමනායක පොලිසියෙන් දැඩි ලෙස ඉල්ලීමක් කරන්නට විය.

එහිදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු බව පවසන අයෙකු දුරකථනයෙන් සම්බන්ධ කොට පොලීසිය නිතිය ක්‍රියාත්මක කිරීමට හැකි බව පැවසීමත් සමඟ වනජීවී නිලධාරින් සහ පොලිසිය අතර ද උණුසුම් කතාබහක් ඇති වි තිබෙනවා.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ මඩාටූගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ ගිරානේගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකු මෙන්ම මහව සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය සඳහන් කළා.

deer2.jpg

අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනකු සහෝදරයන් බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙනවා.

ප්‍රදේශවාසීන් පොලිසියෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඔවුන් පැමිණි කැබ් රථය සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔවුන් රැගෙන නොයන ලෙසත් එමෙන්ම එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු වනජීවී නිලධාරීන්ට ලබා දෙන ලෙසයි.

ඊට පොලිසිය දැඩි ලෙස විරෝධ වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හට ගැනීම විශේෂත්වයකි.

එමෙන්ම එක් පොලිස් නිලධාරියෙකු එහි සිටි කාන්තාවකට තරුණයන් පිළිබඳව පස්සේ බලා ගන්නන් යැයි තර්ජනය කිරීමත් සමඟ එම කාන්තාව සහ තරුණයන් පොලිසියට දැඩි විරෝධය ප්‍රකාශක කරන්නට ගොස් එහි උණුසුම් තත්ත්වයක් ද හට ගෙන ඇති බව සදහාන් වනවා.

කෙසේ වෙතත් ඔවුන් සැකකරුවන් පිරිස රැගෙන යන්නට විය.
වන සත්ව නියාමක සඳුන් හේමනායක සඳහන් කළේ තමාගේ නිරීක්‍ෂණය අනුව මෙම වෙඩි තැබීම ටී පනස් හය ගිනි අවියකින් සිදු කරන්නට ඇති බව විශ්වාස කරන බවයි.

එම නිසා මෙම මියගිය මුව දෙනගේ පශ්චාත් මරණ පරීක්ෂණය වනජීවී පශු වෛද්‍යවරයෙකු ලවා සිදු කර ගැනීමේ අවශ්‍යතාවය මතුවන බයි වැඩි දුරටත් සදහාන් කර සිටියේ.

පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්නට යන්නේ වනජීවී නිලධාරීන්ට පැවරී ඇති අණ පනත් අනුව රාජකාරිය බවත් ඒ අනුව වනජීවී නිලධාරීන්ට මෙම සිද්ධිය පරීක්ෂණ කටයුතු භාරදීමට හැකියාව තිබියදී පොලිසිය එය ඉටු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බව ද සදහාන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මකුළුගස්වැව පොලිසියේ එම ස්ථානයට පැමිණි උසස් නිලධාරියකු සඳහන් කළේ තමන් අපක්ෂපාතීව මෙම පරීක්ෂණය පවත්වන බවට ගම්මුන්ට විශ්වාසය තබා ගන්නා ලෙසයි.

උපුටා ගැනීම : Environmental Terrorist පරිසර ත්‍රස්තවාදියා මුහුණුපොතේ පිටුවෙනි  

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.