උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මිය යයි
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
2025 වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වෙසක් දන්සැල් මැයි මස 09ට පෙර ලියාපදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලේකම් සඳහන් කළේ ය.
දන්සැල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට ඒ අනුව යොදවනු ඇත.
දන්සැල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙසත් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේ ය.
එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම තිබෙන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලවලින් ලබා හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.