ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති ශ්‍රී ලාංකිකයින් මේ මස 25වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස දැනුම්දෙයි.
මෙම පොදු සමා කාලය තුළ, සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දැනුම්දී තිබේ.
පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙස ද දන්වා තිබේ.
එමෙන්ම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.