CLOSE

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (9) ධවල මන්දිරය විසින් මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා මෙරට වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

පසුගිය අප්‍රේල් දෙවන දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා  44%ක අන්‍යෝනය තීරුබදු පැනවීමක් සිදුකළ අතර එය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණි.

එම සහන කාලය ඊයේ (09) දිනයෙන් අවසන් වු අතර ඒ අනුව අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.