උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මිය යයි
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් කර ඇති බැවින් මෙලෙස සේවාවන් ආරම්භ කළ බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී ඇත.
කෙසේ නමුත් මීට පෙර සඳහන් කර සිටියේ, සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට ලබන 23 වනදා දක්වා තාවකාලිකව අත්හිටු වන බවයි.
සබැඳි පුවත : සේවක අර්ථසාධක අරමුදලේ සේවා දින තුනක් නවතී
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.