කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස නම් කරන්න යයි
ජූලි මස 26වැනිදා දිනට යෙදි ඇති ජගත් කඩෝලාන දිනයේදී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.
ශ්‍රී ලංකා මුහුදු කලාපය ලබන වසරේ සිට විදේශ පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ජපානයේ NHK පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා විදේශීය පර්යේෂණ නෞකා සඳහා සිය මුහුදු කලාපයට ඇතුලු වීම තහනම් කළේ ය.
"අපිට එක එක රටවලට එක එක නීති පනවන්න බැහැ. ඒවගේම චීනයට විතරක් තහනමක් දාන්න බැහැ. අපි ඒක කරන්නේ නැහැ. අපි කාගේවත් පැත්තක් ගන්නේ නැහැ."
චීන පර්යේෂණ නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම පිළිබඳව කළ අදහස් දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
භාවිතයට නොගත් සමුද්‍ර සම්පත් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් නමුත් එය විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බවත් අමාත්‍ය අලි සබ්රි එහිදී අවධාරණය කළේ ය.
……..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජූලි මස 26වැනිදා දිනට යෙදි ඇති ජගත් කඩෝලාන දිනයේදී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.
ලංකා ලුණු සමාගම මාස 18කට පසු යළි හම්බන්තොට ලුණු නිෂ්පාදනය අද (21) උදෑසන ආරම්භ කර තිබේ.
පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා පිට මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දී තිබේ.