CLOSE

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් එලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළව හෙට (05) දිනයේ හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.

itn.lk

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.