උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මිය යයි
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ සිදු කර තිබේ.
මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය බවත් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත්, මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවද හෙතෙම පවසා තිබේ.
සාමය හා සංහිඳියාව ළඟාකර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග බෙදාගැනීමට තමා කැමති බවත් හිටපු ජනපති ප්‍රකාශ කළේය.
විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කර ගනිමින්, පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිඳියාව පිළිබඳ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකි බවද ඔහු මෙහිදී සිය විශ්වාසය පළ කර තිබේ.
මේ අතර ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත් තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පවසා ඇත.
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk, Thabo Mbeki පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Maxwell Boqwana, එම පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Lukhanyo Neer, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.