කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහිකළ යුතු බවත් කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයන් බිහි නොවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (12) ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
"ඉතින් කලබලවීම පුදුමයක් නොවේ. සැබවින්ම අප අද මේ ඉටුකරනු ලබන්නේ තරුණයාට හිමිතැන සහ ඇයට හෝ ඔහුට අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතුද ? කවර වගකීම් දැරිය යුතුද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකළ යුතුයි. කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් දිගු කාලයක් බලය ආරක්ෂා කරගැනීම සඳහා වු කාර්යක කොටස්කරුවන් ලෙස නොවේ."
"අද අපි ජනාධිපතිධුර හොබනවා. අමාත්‍ය ධුර හොබවනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි අපි පුටුවේ වාඩිවෙද්දිම අපට අදහසක් තියෙනවා ඒකෙන් බැහැලා යන දිනයක් ගැන හිතේ තියාගෙන තමා පුටුවේ වාඩිවෙන්නේ. අපි පුටුවේ චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපිට නෑ. අපි ඉතාම පැහැදිලි සද් වුවමනාවක් තියෙනවා. මේ රට ඉතාම විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතින් දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තියෙනවා. ඒ බලය නුදුරු කාලයේදී ඔබට භාරදීමේ අපේක්ෂාවෙන් තමා අපි මේ පුටුවේ අසුන්ගෙන තියෙන්නේ. අපි කිසිසේත්ම මේ පුටුවේ මල්ටිබෝන්ඩ් වගේ ඇලවිලා ඉන්නේ නෑ. අපි සුදානම් කළ යුත්තේ රට භාරගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘදසාක්ෂිය තියෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය පරම්පරාව අපි හැදිය යුතුයි."
නව දැනුම සොයා යා හැකි දැනුමේ ඇති වෙන නව පිම්මට වේගයෙන් අනුගත වන නව තරුණ පරපුරක් නිර්මාණය කළ යුතුව ඇති අතර, ඔවුන්ට රටේ අනාගතය භාරදිය යුතුයි යන තිර අධිෂ්ඨානය පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පොදු සමාජය පිළිබඳ සහකම්පනයක් ඇති තරුණයන් මේ මොහොතේ අවශ්‍ය බව ද පැවසු ජනාධිපතිවරයා, රට ඉදිරියට ගෙන යෑම සඳහා මෙය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති අතර, ඒ වෙනුවෙන් මෙම තරුණ ව්‍යාපාරයට වැඩි වගකීමක් ඇති බව ද කියා සිටියේය.
යුක්තිගරුක මිනිසෙක් බවට තරුණයින් පත්විය යුතු බවත්, යුක්තිය වෙනුවෙන් හඬ නැගීමට පෙර තරුණයින් යුක්තිගරුක තරුණයෙක් බවට පත්විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය භාරදීමට සුදුසුකම් ඇති නව තරුණ ව්‍යාපාරයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සුදුස්සන් වන ලෙසත් ජාතික තරුණ සමුළුව අමතමින් පැමිණ සිටි තරුණයින්ට ජනාධිපතිවරයා ආරාධනා කර සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.