CLOSE

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදුකර ඇති අතර මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්,

ghy68678678.JPG

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.