ඇල්ලේ බස් අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ පුද්ගලයන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා අදාළ දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ශාන්ත අබේසේකර යන අයගේ නම්ද අදාළ විමර්ශනයේ ඇතුළත්ව ඇති බව සඳහන්.
ඔවුන්ව ඉදිරියේදී අදාළ ඒකකයට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි වාර්තා වේ.
මේ අතර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ දේපළ සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ විමර්ශනයේදී යම්කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇති දේපළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත්, ඒවා පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක කෙරෙන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම සඳහා පොලෝ මට්ටමින් යට පරීක්ෂා කර බැලීම වෙනුවෙන් සකස් කළ අයවැයට මේ වන තෙක් පළාත් බද මහාධිකරණයේ අනුමැතිය හිමිවී නැති බව හෙළි වී තිබේ.