CLOSE

පුවත්

විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා

විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

Read More

නිරෝෂන් වාසු ගේ පක්ෂයෙන් බැස යයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම පක්ෂයෙන් සහ තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

Read More

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) එළියට

"පුලුවන් ශ්‍රී ලංකා" යන දැක්ම මුල් කරගත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදැක්වීමට නියමිත යි.

Read More

ආබාධ සහිත පුද්ගලයින්ට ඡන්දෙ දාන්න සහයකයෙක්

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගම් නියෝජිතයින් මෙරටට

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි ට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කළේය.

Read More

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය.

Read More

ජනපතිවරණ රාජකාරියට රාජ්‍ය සේවකයෝ ලක්ෂ දෙකකට වැඩියෙන්

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට බරපතළ චෝදනාවක්

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

Read More