මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් රැසක් පැවැත්වේ.
ඒ අනුව අද පෙරවරු දහයට එම් ඩී. ගුණසේන සහ සමාගමේ ප්‍රකාශන ලෙස ළමා පොත් රැසක් එළිදැක්වෙන අතර දහවල් 12.00සිට පස්වරු 2.00 දක්වා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ප්‍රසංගයක්ද, පස්වරු 2.15 සිට 3.15 දක්වා සුසර ප්‍රකාශකයින්ගේ ස්ටෝරි ටෙලින් (Story Telling )වැඩසටහනද පස්වරු 3.30 සිට 4.30 දක්වා සරසවි ප්‍රකාශනයක් වන ඇතිපොළ මංගල හිමියන්ගේ ප්ලම් මල් සුවඳ කවි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය ද පැවැත්වේ.
ඊට අමතරව පස්වරු 4.30 සිට 5.30 දක්වා සංස්කෘතික දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන රූකඩ ප්‍රසංගය පැවැත්වෙන අතර පස්වරු 6.00ට සංගීත ප්‍රසංගය ආරම්භ කෙරේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.