උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මිය යයි
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ඩොලරයේ අගය වෙනස්වීම මත මෙම උපරිම සිල්ලර මිල වෙනස් විය හැකිය.
එම ගැසට් නිවේදනයට අනුව මෙම උපරිම සිල්ලර මිල නිර්ණය කෙරෙන්නේ යම් ඖෂධයක් සඳහා වන පිරිවැය, රක්ෂණය, ප්‍රවාහන වියදම්, සැපයුම් දාමයේ වියදම් ප්‍රතිශතය, සහ තීරු බදු සහ බදු එකතු කිරීමෙනි.
එමෙන්ම මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකය මත බලධාරීන් විසින් නිකුත් කරන ගෙවුණු මාස 3ක කාලයේ දී අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අනුපාතිකයේ සාමාන්‍ය අගය ද මෙහිදී සලකා බැලේ.
ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙය සමාලෝචනය කිරීමේ අවස්ථාව හිමිවන අතර ඩොලරයේ විකුණුම් මිල වෙනස්වීම මත මහජන සුබසිද්ධිය උදෙසා ඖෂධ සඳහා වන උපරිම සිල්ලර මිල වෙනස් විය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.