නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක කඩා වැටුණු වීදුරුවක් අතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.
ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් තමා ඇයට දුරකථනය ඔස්සේ පෞද්ගලිකවම අමතා සුවදුක් පිළිබඳ විමසා සිටි බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසීය.
මේ අතර ප්‍රහාර හේතුවෙන් නිවසක ඇති වූ දෙදරීම් සැලකිල්ලට ගනිමින් ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් වු ප්‍රදේශයක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද එහි නිවැසියන් සමග ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වී ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
මේ වසර මුලදී අහඹු ලෙස හමුවූ විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා සමූහ සුසාන සංකිර්ණයෙන් ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන ඊයේ දින (01) පුද්ගලයන් 9 දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගෙන තිබේ.