ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.
ඇයගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත.
කලක් රෝගාතුරව සිටි රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 78කි.
1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා , 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.
1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා ගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.
හෙළ සිනමාවේ නාමය ජාත්‍යන්තරය තුළ , රනින් බැබළ වූ ඇය නිරන්තරයෙන් විචාරක සම්මානයට පාත්‍ර වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.