විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවයි අද (27) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
“අපි දන්නවා පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව වධ හිංසා කරලා සමූහ ලෙස එකතුවෙලා ඝාතනය කරලා, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තියලා… ඊට පසු පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ගිනිබත් කරලා විනාශ කරලා අරාජික තත්ත්වයක් ඇතිවීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේ සිද්ධියට මීට වඩා දරුණු ලෙස බංග්ලාදේශයේ ක්‍රියාත්මකවීමෙන් මන්ත්‍රීවරු 26ක් මරා දැම්මා. දැන් එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ. මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජය තීරණයක් අරගෙන තියෙනවා මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගන්න පුළුවන් විදියට මුදලට ගිනිඅවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.