මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටට්මින් සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මෙම කාර්යයයේ නියලෙන අතර උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය සහාය සහ එම දරුවන් පාසල්වලට ඇතුළත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.
එසේ වුව ද තවදුරටත් සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහණ දෙන බවට වාර්තා වී ඇත.
ඒ අනුව ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට හැකියාව පවතී.
මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝම්බර් මාසය පුරා කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.