නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තියයි
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.
කටාර් අගනුවර වන දෝහා හි වෙසෙන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පසු දෝහා නගරයෙන් ඉහලට දුමාරයක් නැගෙන ආකාරය දැක්වෙන ඡායාරූප රොයිටර් මාධ්‍ය විසින් නිකුත් කර ඇත.
කටාර් රාජ්‍යයට එල්ල කළ මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එය ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම කටාර්හි වෙසෙන ජනතාවට "බරපතල තර්ජනයක්" බවත් කටාර් විදෙස් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ප්‍රහාරය පිළිබඳ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් නිකුත් කළ ප්‍රකාශය මෙසේය,
"IDF සහ ISA (ඊශ්‍රායල් ආරක්ෂක ඒජන්සිය) විසින් හමාස් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය සම්පූර්ණයෙන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන ලදී."
"හමාස් නායකත්වයේ මෙම සාමාජිකයන් වසර ගණනාවක් තිස්සේ, ත්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මෙහෙයවා ඇති අතර, ඔක්තෝබර් 7 වන දින සිදු වූ කුරිරු සංහාරයට සෘජුවම වගකිව යුතු මෙන්ම, ඊශ්‍රායල රාජ්‍යයට එරෙහි යුද කටයුතු සංවිධානය කර කළමනාකරණය කර ඇත."
ප්‍රහාරයට පෙර, සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිශ්චිත පතොරම් ප්‍රමාණයක් සහ අමතර බුද්ධි තොරතුරු භාවිතා කිරීම ඇතුළුව පියවර ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා වැඩිදුරටත් පවසන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.
හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.
නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.