CLOSE

අද (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ.

මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී සඳහන් කළාය.

ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

adaderana.lk

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.