කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙකි.
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ හත් වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබුණි.
එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
එම රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබේ.
එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
රෝගාතුර වූ සිසුවියන් සියලුදෙනාම වෙනුවෙන් වෙනිවැල්පිටිය පදිංචිකාරියන්ය.
පොලීසියටද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.