CLOSE

රාජ්‍ය බැංකුවක් මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් ව්‍යාජ පණිවිඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.

එම පණිවිඩය වංචනික (scam) එකක් බවත් එමගින් පෞද්ගලික තොරතුරු (බැංකු ගිණුම් විස්තර, මුරපද) සොරකම් කිරීම මෙන්ම ඔබගේ ජංගම දුරකථනයට අනිෂ්ට මෘදුකාංග (malware) ඇතුලත් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයන් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.