CLOSE

ඊයේ සවස (28) හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් අතරමන් වී සිටි මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුදා ගැනීමට යුද හමුදාව සහ පොලීසියට හැකි වී තිබේ.

පැවති මීදුම සහ වැසි හමුවේ මෙම කණ්ඩායමට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව අතරමන් වී තිබූ අතර ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගෙන ඇත.

මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කළ අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.