බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆේස්බුක්, එක්ස් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් තහනම් කිරීමේ තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල රැස්වූ "Gen Z" ලෙස හඳුන්වා ගත් විරෝධතාකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩාවැදීමට උත්සහ කිරීමත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නේපාල පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත.
නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිතිවි සුබා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පොලිසියට බලය යෙදවීමට සිදු වූ බව යි - ඊට ජල ප්‍රහාරක, බැටන් පොලු සහ රබර් උණ්ඩ ප්‍රහාර ඇතුළත් විය.
ව්‍යාජ ප්රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බව රජය පවසා තිබේ.
නියමිත කාල සීමාව තුල දී නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට වග බලා නොගැනීම නිසා සමාජ මාධ්‍ය වේදිකා 26 ක් අවහිර කිරීමට පසුගිය සතියේ එරට බලධාරීන් නියෝග කළේය.
පරිශීලකයන්ට ඉකුත් සිකුරාදා පටන් මෙම වේදිකාවලට ප්‍රවේශ වීමට අපහසු වී තිබූ නමුත් සමහරු තහනම මඟ හැරීමට VPN භාවිතා කරති. තහනමෙන් පසු අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ සමාජ මාධ්‍ය වේදිකා දෙකක් නැවත සක්‍රිය කිරීමට ද නේපාල රජය කටයුතු කර තිබුණි.
නේපාල රජය පවසන්නේ එය හුදෙක් සමාජ මාධ්‍ය තහනමක් නොවන බවත්, සමාජ මාධ්‍ය වේදිකා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට දරන උත්සාහයක් බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.