විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද ජල සැපයුම් ලක්ෂයෙන් 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.
නමුත් අද (18) පස්වරු 6 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බව එම මණ්ඩලය පවසයි.
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රෙෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී ඊයේ (17) අලුයම අනතුරක් සිදුව තිබිණි.
අනතුරින් පසු ජල නළය පුපුරා යෑමෙන් දැවැන්ත ජල කාන්දුවක් එම ස්ථානයේ ඇතිවිය.
සිදුවූ ජල කාන්දුව නිසා කලටුවාවේ සිට අදාළ නළය ඔස්සේ සිදුකරන ජල සැපයුම නතර කර අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ උදෑසන පියවර ගනු ලැබීය.
ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාළවුණි.
හානි වූ නළයේ අලුත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රී යුහුසුලුව සිදුකෙරුණි.
අද අලුයම 4වන විට අලුත්වැඩියා කටයුතු අවසන් කෙරුණු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
කෙසේ වෙතත් සැපයුම යළි යථාතත්ත්වයට පත් කෙරුණද ප්‍රදේශ රැසක ජනතාවට තවදුරටත් ජල සැපයුම ලැබී නොමැත.
මේ හේතුවෙන් දෛනික කටයුතු කර ගතනොහැකිව ජනතාව අසීරුතාවට පත්ව තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.