කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා වරෙන්තු නිකුත් කළ අතර අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය.
මේ අතර, අධිකරණය මඟහරින වරෙන්තුකරුවන්ගේ දේපල පවරා ගැනීමට කටයුතු කරන බව, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල ඊයේ ප්‍රකාශ කළේ ය.
ඔහු අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කිරීමට තරාතිරම අදාළ නොවන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.