කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් ඊයේ (08) දිනය අවසන් වන විට නාමයෝජනා භාර දී තිබේ.
දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය.
මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ සඳහා අයඳුම්පත් භාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතිව තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.