පහේ ශිෂ්‍යත්වය අහෝසි ද?
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
2025 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අදින් ආරම්භ වෙයි.
එම කටයුතු සිදු වන්නේ, උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වායි.
අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී නාම යෝජනා භාර ගැනීම සිදුවන්නේ, තේරීම් භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ය.
සාමාන්‍ය පෙළ විභාගයට බාධා නොවන අයුරින් නාම යෝජනා භාරදීමේදී කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අපේක්ෂකයින්ට දැනුම් දෙයි.
පළාත් පාලන ආයතන 336 ක් සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
මැතිවරණ දිනය, ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.