පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය 07ක් රිමාන්ඩ්
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.
2024 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවන දින සහ 2025 වර්ෂයේ පෙබරවාරි මස පළමු වන දින සහතික කරන ලද පරිපූරක ඡන්ද හිමි නාමලේඛනවලට අනුව නව ඡන්ද දායකයින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඒ අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ 96,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.
මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මූලික කටයුතු සියල්ල මේ වනවිටත් සකස් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර බාරගැනීම හෙට (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව තැපෑලෙන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ සියලු ඡන්ද හිමියන්ට හෙට දිනට පෙර සිය ඉල්ලුම් පත් අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ලබාදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.