කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.
ඒ අනුව ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ටී 56 වර්ගයේ පතොරොම් යෙදිය හැකි රිවෝල්වර අවියක් සහ ටී 56 පතොරොම් 03ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44ක් වන මන්ඩකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවද දඹගල්ල පොලිස් වසමේ කොල්ලාදෙනිය ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකිද මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 30ක් වන ඌව ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්‍රදේශයේදී උළුක්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 32 වයස්වල පසුවන පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර කොටවෙහෙර පොලිස් වසමේ ගල්ලෑගොඩ ප්‍රදේශයේදී ගොටවෙහෙර පොලීසියේ නිලදාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 56ක් වූ ගල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේදී ද පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසන්නේ ඇති ලඳු කැලෑවක සඟවා තිබූ මි.මී 09 වර්ගයේ ගිනි අවියක් හා මි.මී 09 වර්ගයේ පතොරොමක් සොයාගෙන ඇත.
මෙම අවිය මෙම ස්ථානයේ සැඟවූ පුද්ගලයින් සොයා කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරති.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.