කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළකරයි.
ඒ අනුව පොලීසිය අනුමාන කරන්නේ කරන්දෙණිය සුද්දා සහ හීනටියන මහේෂ් නම් අපරාධකරුවන් විසින් එය මෙහෙයවා ඇති බවට ය.
පාතාල නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබාඝාතනය කළේ පසුගිය 19 වැනිදා ය.
ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූවද ගිනිඅවිය රැගෙන ආ ප්‍රධාන සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව නැහැ.
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්කර මිනුවන්ගොඩදී ඊයේ උදෑසන වෙඩි ප්‍රහරයක් එල්ල වුණේ මෙවන් පසුබිමකයි.
එහිදී වෙඩිවැදී රෝහල්ගත කළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසුවේය.
පොලීසිය පවසන්නේ ඔහුද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බවය.
ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස ඔහුගේ සමීපතමයන් වන හීනටියන සංඛ සහ කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුවන් විසින් වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.