මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට සූදානම්ව සිටින බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් අසාද් මවුලානා යළි දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද පොලිසිය පවසයි.
අසාද් මවුලානා මේ වනවිට දේශපාලන රැකවරණය ඉල්ලා විදෙස් ගතව සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ, අසාද් මවුලානා සිය කැමැත්තෙන් මෙරටට පැමිණි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට සහය දැක්වීමට සූදානම්ව සිටින බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.