කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් සිදුකර තිබේ.
ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝගය බෝ කරන අතර එම නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අතිශ්‍ය වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.