මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) යළි කැඳවනු ලැබීය.
අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.