ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙරට කාන්තා දේශපාලකයින් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒ, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි විෂමතා දුරැලීමේ ජාතික කමිටුව මගින් මෙරට තත්ත්වය පිළිබඳ සමාලෝචනය කර ඇති පසුබිමකදී ය.
ශ්‍රී ලංකාව "කාන්තාවන්ට එරෙහි සියලු වර්ගයේ විෂමතා නාශනය" පිළිබඳ සම්මතයට අත්සන් තබා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එමගින් මෙරට රජය රටේ කාන්තාවන් මුහුණ දෙන සියලු වර්ගයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ අන්තර්ජාලය මගින් සිදු කරන අනුචිත ක්‍රියාවන් වැළැක්වීමට වගකිය යුතු වෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව රජයෙන් ඉල්ලා සිටින්නේ පසුගිය වසරේ සම්මත වුණු කාන්තා බලගැන්වීමේ පනත ප්‍රකාරව අන්තර්ජාලය මගින් කාන්තාවන්ට සිදු කරන අපහාසයන් හා අසාධාරණ ක්‍රියාවන් මැඩපැවැත්වීමට මැදිහත් වන ලෙසයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.