සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.
මේ ගැන අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.
එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.