වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව 3%ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පියවර ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ, සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව හෙට (5) දිනයේ සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටු වූ බවයි.
ඒ අනුව දෙසැම්බර් මස 5 වනදා සිට මත්පැතන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත්කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර ද දෙසැම්බර් මස 31 දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.