ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීම සඳහා ආසන 113ක් හිමි කර ගත යුතු වනවා.
එය සරල බහුතරය යනුවෙන් ද හඳුන්වනවා. පරම බහුතරය නැතහොත් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ආසන 225 න් ආසන තුනෙන් දෙකක බලය ලබා ගන්න ඕනේ.
එනම් 150ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගත යුතු වනවා.
පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගැනීම සරල බහුතරය තුළින් ද කරන්න පුළුවන්.
නමුත් ව්‍යවස්ථාවට අදාළ අණ පනත් හෝ සංශෝධන ගෙන ඒමේදී තුනෙන් දෙකක බහුතර බලයක් තිබීම ආණ්ඩුවකට වැදගත්.
එහෙත් එය අසීමිත බලයක් වීම නිසාත් මෙරට පෙර පැවති ආණ්ඩු එය භාවිත කළ ආකාරය නිසාත් බොහෝ පාර්ශව තුනෙන් දෙකක බහුතර බලය ආණ්ඩුවකට හිමිවීම පිළිබඳ බිය පළ කරනවා.
ඒ, එය හරවත් කාර්යයන්ට වඩා සෘණාත්මක දෑ සඳහා උපයෝගී කරගත් බවට ඉතිහාසය සාක්ෂි දැරීම හෙතුවෙන්.
රජයක් මගින් අණ පනත් අලුතින් හඳුන්වා දීමේ දී ඒවා ගැසට් කරනවා.
අනතුරුව සති දෙකක් තුළ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හෝ අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට ඕනෑම පාර්ශවයකට හැකියාව තියෙනවා.
ඒ අනුව අදාළ අණපනත් සරල බහුතරයකින් සම්මත විය යුතුද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු ද, නැතහොත් ජනමත විචාරයකින් සම්මත කර ගත යුතු ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.