හිටපු ජනපති වරප්‍රසාද කප්පාදුව : පනත් කෙටුම්පත ගැසට් කරයි
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.
මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ලැබෙන බවත් ඉතිරි තොගය ලබන මාසයේ ලැබෙනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර මිලියන 11.82කි.
ඒ අනුව ඊළඟ පාසල් වාරය ආරම්භ වීමට පෙර නිසි වේලාවට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
අගමැති හරිනි අමරසූරිය විසින් නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහාවන චීන රජයේ ප්‍රදානය භාරගැනීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.