මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
"වර්තමානයේ බලයට පත්වෙලා තියෙන ආණ්ඩුව පිරිසිදු දේශපාලනය කියන කාරණය ඔවුන් ගේ පදනම බවට පත්කරපු බවක් අපිට පෙනී ගිහින් තියෙනවා. මාර්තු 12 ව්‍යාපාරය හැටියට අපි සතුටු වෙනවා අපි අවුරුදු 12කට එහා අපේ රටේ පැළ කරපු බීජය අද යම් ආකාරයකට වෘක්ෂයක් බවට පත්වෙමින් තියෙනවා. අපරාධකාරයෙක් නොවන පුද්ගලයින් සඳහා පමණයි නාම යෝජනා ලබාදීමට පුළුවන්කම තියෙන්නේ. ඡන්දදායකයාට ගෞරවයෙන් ඡන්දය ලබාදෙන්න පුළුවන් අපේක්ෂකයෝ ඇතුල් කරන්න."