විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද (23) සමත්වුණි.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
අද දිනය සඳහා තරග ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.
දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය. ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 305ක් රැස්කළ අතර දෙවන ඉනිමට ලකුණු 309ක් රැස්කරගෙන සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.